Special Notes


ගුරු මත්මියනි මහත්මයාණෙනි,
දයාබර දරු දැරියනි,
දෙමාපියනි,

2020 වර්ෂයේ පළමු පාසල් වාරය තුල දී ලංකාවෙහි ඇති වූ "Covid-19" හෙවත් "නව කොරෝනා" වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම හා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්, දිවයින පූරා සියළුම පාසල්වල දරු දැරියන් නිරතුරුව දුරස්ථ ක්‍රමවේද ඔස්සේ අධ්‍යයන කටයුතු හා සම්බන්ධ කිරීම මූලික පරමාර්ථය කර ගනිමින් මාර්ගගත අධ්‍යාපන ක්‍රම බිහිවෙමින් පවතින මොහොතක, අප පාසල සඳහාද යම්කිසි ක්‍රියාමර්ගයක් ගැනීමේ අරමුණ ඇතිව මෙම බ්ලොග් පිටුව නිර්මාණය කරනු ලැබේ. විශේෂයෙන් ම පාසල් දරු දැරියන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සම්බන්ධ කර ගැනීමේ දී අනාගතයේ මුහුණ දීමට සිදුවන සමාජ හා නෛතික ගැටලු අවම කර ගැනීම සඳහා මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදු විය. විශේෂයෙන් ම රටෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇති මෙවැනි මෙහොතක දරු දැරියන් මෙන් ම දෙමාපියන් ද අන්තර්ජාල පහසුකම් හෝ මෙවලම් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව අප දනිමු. නමුත් දුරස්ථ ක්‍රමය ඔස්සේ මාගේ ආචාර්ය මණ්ඩලය හා එක්ව බහුතරයක් දරු දැරියන් අධ්‍යයන කටයුතුවල නිරත කරවීමට හැකි සෑම පියවරක්ම ගන්නෙමු. එසේ ම මෙය අප පාසල් ප්‍රජාව වෙනුවෙන් සත්කාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර, මෙහි පල කෙරෙන පැවරුම් උපදෙස් පරිදි දරුවන් වෙත ලබා දීම සඳහා දෙමාපියන් වශයෙන් ඔබගේ සහාය ද අපේක්ෂා කරමු. මෙහි දී ඔබගේ අදහස් හෝ ඔබට පවතින ගැටලු batewelavidyalaya@gmail.com ලිපිනය ඔස්සේ ඊ තැපෑල මඟින් හෝ එසේත් නොමැතිනම් අප පාසලේ තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමා මගින් දැන්විය හැකිය.

විදුහල්පති,
ර/බටේවෙල විද්‍යාලය,
බටේවෙල.



No comments:

Post a Comment