About

වසර 76 ක ඉතිහාසයකට උරුමකම් කියන ර/බටේවෙල විද්‍යාලය.



ර/බටේවෙල විද්‍යාලය 1944 වර්ෂයේදී ළමුන් 07 දෙනෙකුගෙන් හා එක ගුරු මහත්මියකගෙන් ර/අභිනවාරාම විහාරාධිපති පඤ්ඤසින හිමිපාණන්ගේ මූලිකත්වයෙන් කොළඹ පරමවිඤ්ඤනාර්ථ බෞද්ධ සමිතිය මගින් ආරම්භ කළේය. මෙම විද්‍යාලයට හිමි අක්කර 02 ක භූමිය ගම්මුලාදෑනිවරයා විසින් ලාබාදෙන ලද්දකි.
1950 වර්ෂයේදී බටකොල සෙවිලිකළ අඩි 20x20 ගොඩනැගිල්ලක් පමණක් තිබූ විදුහලට, 1961 වර්ෂයේදී අඩි 80x80 ප‍්‍රධාන ගොඩනැගිල්ල ලැබුණි. එතෙක් පාසලට අඩුවක්ව පැවති ගුරු නිවාසය 1988 වර්ෂයේදී විදුහලට ලැබුණි. මෙසේ පියවරින් පියවර ගොඩනැගුණු මෙම විද්‍යාලය සතුව වර්තමානය වනවිට පරිගණක විද්‍යා කාමරයක්, පුස්තකාලයක් සහ ගෘහ විද්‍යාගාරයක් පවතී.
වරින් වර සිදුවූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනුව විද්‍යාලයේ පංති සංඛ්‍යාව අඩුවිය. 1981 වර්ෂයේ 8 ශේණිය දක්වා පැවති පංති 5 ශ්‍රේණිය දක්වා අඩුවිය. 1981 වර්ෂයේදී නැවත අ.පො.ස (සාපෙළ) දක්වා තිබූ අතර එය 09 ශ්‍රේණිය දක්වා අඩු කෙරිණි. එමනිසා මේ කාලවකවානුව තුළදී 10,11 ශ්‍රේණි මෙම පාසල තුළ නොපැවැත් වී ඇත. ඉන් අනතුරුව 2006 වර්ෂයේදී 10 ශ්‍රේණිය ද 2007 වර්ෂයේදී 11 ශ්‍රේණිය ද ආරම්භ කර ඇත. වර්තමානය වන විට සිසුන් 200 ක පමණ පිරිසක් මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර විදුහල්පතිතුමා ඇතුළුව 18 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් පාසලේ සේවය කරති.

-------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------


පාසලේ දැක්ම.
  • 2023 වර්ෂයේ ශ‍්‍රී පාද අධ්‍යාපන කොට්ඨාශය තුළ ආදර්ශවත් පාසල බවට පත්වීම.



පාසලේ මෙහෙවර.

  • බුද්ධිමත් විනයවත් සිසුන් පිරිසක් දැයට දායාද කරන්නට ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගීමත්, භෞතික සම්පත්වලින් පොහොසත් පාසලක් බවට පත් කිරීමත් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය අපගේ මෙහෙවර වන්නේ ය.






No comments:

Post a Comment